අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තොරාගැනීමේ දී මන්ත්‍රීවරුන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තර්ජන එල්ල කිරීම හේතුවෙන් තමන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවට මන්ත්‍රීවරුන් විසින් සිදුකළ දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් වැඩබලන ජනාධිපතිවරයා මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත ඇතුළු ඊට අදාළ අපරාධ නීතිපනත් යටතේ විමර්ශනය කරන ලෙසයි වැඩබලන ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ.


0 Comments