පැතුම් කර්නර් අත්අඩංගුවට..




බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවති විරෝධතාවය මෙහෙයවූ බව පැවසෙන සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 18 වෙනි දින ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.

ඉකුත් දහතුන් වෙනි දින පැතුම් කරනර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ තැන තැන රැඳී සිටිමින්
ජනතාවට එම ස්ථානයට පැමිනෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම් දෙමින් එහි සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදා තිබූ මාර්ග බාධක බිඳ හෙළීමට මෙහෙයවමින් කටයුතු කර තිබිණි

මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි බව කියන පැතුම් කර්නර් නැමැත්තාට එරෙහිව අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ද ඉකුත්(17) ලබාගත් බවත් ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments