වසරක් ඇතුලත රට ඉතාම දියුණු තැනකට..- අරගලකරුවන් මාධ්‍ය හමුවක

 


ශ්‍රී ලංකාවට සියවස් තුනකට පසුව ඓතිහාසික ජයග්‍රහණයක් හිමි වී ඇතැයි කොළඹ අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ගාලුමුවදොර අරගලකරුවන් වෙනුවෙන් සේනාධි ගුරුගේ මහතා සඳහන් කළේය.

ජනතා බලයට තුවක්කු යටපත් වූ බවත් හමුදාව පොලිසිය ජනතාව සමග එක් වූ බවත් හෙතෙම පැවසීය.

මීළඟට පත්වන පාලකයන් කවුරුන් වුවද ඔවුන්ට මේ රට ආපස්සට ගෙන යාමට ඉඩ නොතබන බවද හෙතෙම පැවසුවේය.

වසරක් ගතවන තැන මේ රට ඉතාම දියුණු තැනකට ගෙන ඒමට කටයුතු කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

Post a Comment

0 Comments