ගෝඨා පුටින්ට අමතයි.. ඉන්ධන ප‍්‍රශ්ණය විසදෙන ලකුණු..

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ දුරකථන සංවාදයක යෙදී තිබේ.

මෙරට තුළ ඇති ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට ණය සහන පදනමෙන් ඉන්ධන ලබා දෙන ලෙස ඔහු එහිදී ඉල්ලීමක් කර තිබේ.

එය සාර්ථක දුරකථන සංවාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර එරෝෆ්ලොට් ගුවන් සේවාව යලි ආරම්භ කරන ලෙසද ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Post a Comment

0 Comments