අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්.. ඉල්ලා අස්වන හැටි කියයි..


 සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා බහුතරය ප්‍රකාශ වීමෙන් පසු තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

තමන් එතෙක් රටේ කටයුතු පවත්වාගෙන යාමට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවද ඔහු පැවසීය.

අද මෙරට ඉන්ධන ප්‍රශ්නය මෙන්ම ආහාර හිඟයක් ද තිබෙන අතර ඒ වෙනුවෙන් ලෝක ආහාර සංවිධානයේ ප්‍රධානියා ලංකාවට පැමිණීමට නියමිත බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන්නට තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා කියයි.

ඒ නිසා වත්මන් ආණ්ඩුව ඉවත් වූ පසු එවේලේම වෙනත් ආණ්ඩුවක් පත් කළ යුතු බවද රට මේ අවස්ථාවේ දී ආණ්ඩු පාලනයක් නැතිව ගෙන යාම වරදක් වන අතර ඒ නිසා ආණ්ඩුව ඉවත් වන විට අලූත් ආණ්ඩුවක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.

මුළු රට ම ආවරණය කරමින් ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත අතර ලෝක ආහාර වැඩසටහන් අධ්‍යක්ෂවරයා ද මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ද එම කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්ෂික රජයකට බලය දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බව කී අග්‍රාමාත්‍යවරයා මෙම කරුණු සැලකිල්ලට ගෙන තීරණ ගන්නා බව ද සඳහන් කරයි.

Post a Comment

0 Comments