සෞඛ්‍ය සේවකයන්ගේ ඉන්ධන පොලිසිය බලෙන් අරන්..

 


සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෙන්කර ඇති ඉන්ධන, පොලිස් නිලධාරින් විසින් අදාළ ඉන්ධන පිරවුම්හල්වලින් බලහත්කාරයෙන් ලබා ගන්නා බවට සෞඛ්‍ය සේවකයෝ චෝදනා කරති .

මෙම තතත්ත්වය මත දිවයිනේ බොහෝ රෝහල්වල කාර්ය මණ්ඩල වැඩ වර්ජන ක්‍රියාත්මක කර තිබේ. කෑගල්ල ,පොළාන්නරුව , කුරුණෑගල ,දෙහිඅත්තකණ්ඩිය ,කරවනැල්ල රෝහල්වල කාර්ය මණ්ඩලය මේ වනවිට වර්ජනයේ නිරත වෙයි. මේ හේතුවෙන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සහ බාහිර රෝගි අංශය සඳහා පැමිණෙන රෝගින් දැඩි ලෙස පිඩාවට පත්ව ඇත .

අත්‍යාවශ්‍ය සේවයක් සේ සළකා සිකුරාදා දිනය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා ගැනිම සඳහා වෙන්කර ඇති පිරවුම්හල් අසල පෝලිළිම්වල සෞඛ්‍ය සේවකයින් රැඳි සිටියද ඔවුන්ට ඉන්ධන ලබා දිමක් සිදු නොකර පොලිසියේ නිලධාරින් ඉන්ධන ලබා ගැනිමට කටයුතු කර තිබේ.

අනුරාධපුර ගල්කුලම ඉන්ධන පිරවුම්හල අසල නවතා තිබු සේඛ්‍ය කාර්ය මණ්ඩලයේ මෝටර් රථයකට පහරදිමක් සිදුව ඇති අතර පෙරේදා (16) එම ස්ථානයේදි සෞඛ්‍ය සේවකයින් සමග පොලිසිය අතර බහින් බස්විමක් සිදුව ඇත. එසේම දෙහි අත්තකණ්ඩිය නවමැදගම ඉන්ධන පිරවුම්හල අසලදි වෛද්‍යවරයෙකුට සහ සෞඛ්‍ය සේවකයෙකුට පහර දිමක් සිවු ඇති අතර මේවනවිට එම වෛද්‍යවරයා රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.‍

මෙම පෝළිම්වල රැඳි සිටින සාමාන්‍ය ජනතාවද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා ගැනිමට නොදි බාධා සිදුකරන බවට සෞඛ්‍ය අමාත්‍යංශයට ද පැමිණිලි ලැබි ඇති බව එහි උසස් නිලධාරියෙකු පැවසීය.

මේ අතර පොලිසියේ ඉහළ නිලධාරින්ගේ හැසිරිම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබාගැනිමට දැඩි බධාවක් බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය. මේ සම්බන්ධව අද(18) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කරන බවද ‍හෙතෙම පැවසීය.ඔවුන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම පොලිස්නිලධාරින්ගේ අත්තනෝමතික හැසිරිමට එරෙහිව පියවර ගන්නා ලෙසයි.

Post a Comment

0 Comments