වාසුගේ පූර්ණ සහය ඩලස්ට

 


දේශපාලන පාට කන්නාඩි වලින් බැහැරව සමස්ත පොදු ජන යහපත උදෙසා මෙන්ම ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා අනුව යමින් ජනාධිපතිවරණය සඳහා තරග වදින ඩලස් අලහප්පෙරුම සහෝදර මන්ත්‍රීතුමාට පූර්ණ සහයෝගය දැක්වීමට ‍ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ තීරණය කළ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. සාම්ප්‍රදායික බැදීම් වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවකින් යුතුව වැඩපිළිවෙළක් සකස් කර ගැනීමත්, නව ලිබරල් ආර්ථික පිලිවෙත නිසා විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසා දීම සඳහාත්, ජාතික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය පාලන ව්‍යුහය, ජාතික ස්වාධීනත්වය හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා බලගතු පාර්ලිමේන්තු නියෝජිතයා  වන්නේ  ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ය.

රටේ පවතින වර්තමාන අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සොයා ගැනීමේ ද තරුණ අරගල කරුවන් සමග ද පුළුල් සංවාදාත්මක නියෝජනයකට ඉඩකඩ සලසමින් ස්ථිරසාර ජාතික ආර්ථික ව්‍යුහයක් ගොඩනැගීමට මුල පිරීම සඳහා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රී තුමන් හොඳම අපේක්ෂකයා වන්නේය. ඒ සඳහා ඔහුට ශක්තිය හා ධෛර්යය ඇතැයිද විශ්වාස කරන බව වාසුදේව නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments