QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීම සඳහා "ජාතික ඉන්ධන අවසරපත්‍රය" නම් ක්‍රමවේදයක් හඳුන්වාදීම අද (16) සිදු කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මේ ක්‍රමවේදය හරහා සති පතා සහතික කරනු ලැබූ ඉන්ධන කෝටාවක් වෙන් කරගැනීමට සහ වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව සතියට දින දෙකක් තම QR කේතය පෙන්වා ඉන්ධන ලබාගැනීමට ජනතාවට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පවසනවා. වාහනයේ චැසි අංකය සහ විස්තර තහවුරු කරගැනීමෙන් පසු, එක් ජාතික හැඳුනුම්පත් අංකයකින් එක් වාහනයකට අදාළ ලෙස මෙම QR කේත අවසරපත්‍රය නිකුත් කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දක්වා තිබුණේ.


0 Comments