ඉන්ධනහලේ පයින් ගැසූ නිලධාරියා පටිගත කල අය මරණ බව කියයි.. ඔහු දරු පවුල සමග සැගවෙයි..[Video]

 


කුරුණෑගල යක්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකදී යුධ හමුදා ඉහළ නිලධාරියෙක් ඉන්ධන පෝලිමේ තරුණයෙකුට පයින් පහරදෙන ආකාරය පටිගත කළ තරුණයා ට මරණීය තරජන එල්ල කල බව හෙලි කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාව එක්වෙමින් ඔහු කියා සිටියේ මේ හේතුවෙන් තමන් තම දරු පවුල සමග ගෙදරින් නිවසින් බැහැරව සැඟවී සිටින බවයි.

ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකුට හමුදා නිලධාරීන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වූ අතර

සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම පහර එල්ල කරන හමුදා නිලධාරියා යුද හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙකි.

Post a Comment

0 Comments