කුකුල් මස් හා බිත්තර මිල දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව පාරිභෝගිකයන් පවසති.
මේ වන විට කුකුල් මස් ක්‍රිලෝව රුපියල් 1500ත් 1700ත් අතර මිලකටද බිත්තරයක් රුපියල් 58ත් 60ත් අතර මිලකටද අලෙවි වෙයි.
කුකුල් මස් හා බිත්තර වෙළදුන් පවසනුයේ කුකුල් කැම මිල අධික ලෙස ඉහල යාමත් සමග කුකුල් මස් හා බිත්තර මිල මෙසේ දැඩි ලෙස ඉහල ගොස් ඇති බවය.
මෙම තත්වයන් මත කුකුල් මස් හා බිත්තර අලෙවිය දැඩි ලෙස පහල බැසිමෙන් පාරිභෝගිකයන් මෙන්ම තමන්ද දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ඔවුන් කියති.


0 Comments