ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අරගල කරුවන් විසින් සිදු කරන ලද හානිය මෙතෙක් කරන ලද විමර්ශනවලට අනුව රුපියල් මිලියන 205 ක් පමණ වන බව නීතිපතිවරයා විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයාට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා අගමැති ලෙස කටයුතු කරමින් සිටියදී භාවිත කළ නිල රථයට පමණක් සිදුව ඇති හානිය රුපියල් මිලියන එකසිය අනූ එකක් පමණ වන බව ද නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත.
ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිල නිවසට වූ හානි හානිය සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් තක්සේරු අවසන් නැති බව ද නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ.
සිද්ධියට අදාළව අත්අඩංගුවට සැකකරුවන් හය දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කරන ලදී.


0 Comments