ණය ගන්න නම් රාජ්‍ය ආයතන 40ක් විකුණන්නැයි IMF දන්වයි..

 


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබා ගන්නේ නම් රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කරන ලෙස දැනුම් දී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ විපක්ෂය ලෙස සහයෝගය දිය හැකි බවද හෙතෙම පැවසීය.

ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නම් දැඩි ආර්ථික ක්‍රියාමාර්ගයක් ගෙන යාමට සිදුවන බවද ජනාධිපතිවරයා පැවසූ බවත් ඔහු පැවසීය.

Post a Comment

0 Comments