මහ පරිමාණ හොර අරක්කු නිෂ්පාදනාගාරයක් අල්ලයි.. නියම අරක්කු වගේම හදලා..

 අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ සුපිරි නිවසක් තුළ කලක පටන් සිදුකර තිබෙන කසිප්පු හෙවත් නීති විරෝධී අරක්කු නිෂ්පාදනය කිරීමේ තිප්පොළක් 5 දින අලූත්ගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්විසින් වැටලූ බව කීහ.

පොලිසිය සඳහන් කළේ මෙම ජාවාරම කලක සිට සිදුකර තිබෙන සැකකරු මීට පෙර අවස්ථා ගණනාවකදීද පොලීසිය හා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙනඇතිව අධිකරණයට පමුණුවනු ලැබූ පුද්ගලයකු බවයි .ආරක්ෂක කැමරා සහිත තාප්පෙකින් වට වූ ගොඩනැඟිල්ලක මෙම ජාවාරම සිදු කර ඇති බව වැටලිමට එක්වු උසස් පොලිස් නිලධාරයෙකු සඳහන් කළහ.

සැකකාර පුද්ගලයා සමග කසිප්පු පෙරීමට සඳහා සූදානම් කර තිබූ ගෝඩා ලිටර් 300, කරන ලද කසිප්පු මත්පැන් ලිටර් 20 ක්, l 200 ක ධාරිතාවයෙන් යුතු සුදු පැහැති ලෝහ ටැංකියක්, අඩි දහ අටක් දිග තබ දගරයක්, මීටර් 1000 ක ධාරිතාවයෙන් යුතු ජල ටැංකියක්, ඇතුළු කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගෙන ඇත.

මෙම කසිප්පු පෙරීමේ  ජාවාරම සිදුකර තිබෙන්නේ ප්‍රදේශයේ විහාරස්ථානයක ආසන්නයේ බවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර භාවිතා කරමින් මෙම ජාවාරම ඉතා සූක්ෂමව සිදුකර තිබේන බවත් රජයේ මත්පැන්වලට සියට සීයක් සමාන ලෙස දිනකට බෝතල් 100 බැගින් නීති විරෝධීව නිපදවා විවිධ ප්‍රදේශවලට තොග පිටින් අලෙවි කර ඇති බව පොලිසිය කියයි.

Post a Comment

0 Comments