තෙල් මිල ඉහළට..
August 11, 2022
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිලෙහි සුළු ඉහළ යාමක් අද (11) දිනයේ සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, ඇමෙරිකානු ඩොලර් 98යි ශත 28ක් ලෙසිනි.
ඊයේ (10) බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 96ක් ලෙසිනි.
ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර සෑම මසකම පළමු වනදා රාත්‍රීයේ සහ 15 වනදා රාත්‍රීයේ අනිවාර්යයෙන්ම සංශෝධනයක් වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මීට පෙර පැවසීය.
ඒ අනුව තවත් දින 4කින් මෙරට ඉන්ධන මිල ගණන් වල මිල වෙනස්කමක් සිදුවනු ඇත
0 Comments