හික්කඩුව පන්නන්ගොඩ ප්‍රදේශයේ තරු පැලැන්තියේ සංචාරක හෝටලයක් ගිණි ගැනිමට ලක්විමෙන් එම හෝටලයේ ඉහල මාලයට අලාභහානි සිදුව ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
මෙම ගින්න ඊයේ (07) රාත්‍රි 8.30ට පමණ හෝටලයේ ඉහල මාලයෙන් ඇතිවි තිබෙන බව වාර්තා වේ. විදුලිය විසන්දි වි තිබි යලි විදුලිය ලැබිමත් සමග ගින්න ඇතිවි තිබෙන බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මෙය තරු පැලැන්තියේ සංචාරක හෝටලයක් වන අතර එය මහල් හතරකින් යුක්ත වන වේ. විදුලිය කාන්දුවිමක් නිසා මෙම ගින්න ඇතිවි තිබෙන බවට සැක කෙරේ. හික්කඩුව පොලිසිය හා ගාල්ල මහනගර සභාවේ ගිණිනිවන රථ 02ක් පැමිණ ගින්න පැතිරියාම වැලැක්විමට මහත් පරිශුමයක් යොදා එය නිවාදමා ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.

0 Comments