හිටපු ජනපතිගේ සිංගප්පූරු වීසා අදින් අවසන්..






හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව සිංගප්පූරුවේ ආගමන විගමන අංශ උපුට ගනිමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගෝඨාභය රාජපක්ෂ ට සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා ලබාදී තිබූ තාවකාලික අවසර පත්‍රය අදින් කල් ඉකුත් වන බවයි.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට පැමිණ රැඳී සිටිනුයේ තාවකාලික පදනමින් බව එරට අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි.

එමෙන්ම එරටදී කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක නිරත නොවීමට ගෝඨාභය රාජපක්ෂ එකගතාවය පළකර ඇති බව තායි අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

Post a Comment

0 Comments