සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට පෙර ඔහු අධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව කනගාටුව පළ කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සුදුසු බව නිර්දේශ කර තිබේ.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ දීර්ඝ කාලයක් දඬුවම් විද තිබීම, යහපත් කල් ක්‍රියාවෙන් සිටීම සහ සමාජයට දායකත්වයක් ලබාදීමට හැකිවීම මත ජනාධිපති සමාව දීම සාධාරණ යයි රජය විශ්වාස කරන බවය.
ඒ අනුව රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සිය දිවුරුම් ප්‍රකාශය ඉදිරි දින දෙක තුන ඇතුළත ලබාදීමට නියමිතව ඇති බව අතර ජනාධිපතිවරයා විසින් ඔහු නිදහස් කිරීමේ ලේඛන සඳහා අත්සන එළඹෙන සතියේ තැබීමට නියමිතව තිබේ.
බොහෝදුරට එළඹෙන සතියේ මුල් දින කිහිපය ඇතුළත රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබීමට නියමිත නියමිතය.


0 Comments