හමුදා කඳවුරක පිපිරීමක්..




රුසියාවේ ක්‍රයිමියා ප්‍රදේශයේ හමුදා කදවුරක පිපිරීම් මාලාවක් සිදුව තිබේ.

මෙම පිපිරීම්වලින් එක් අයකු මියගොස් ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ හමුදා කඳවුරේ පතොරොම් ගබඩා කර තිබූ ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවට සැක කෙරෙන අතර එහෙත් එය තහවුරු කළ අදහසක් නොවන බවය.

රුසියානු සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් වන මෙම ප්‍රදේශයේ ඊයේ ඇති වූ පිපිරීම් මාලාවත් සමග පැමිණ සිටි සංචාරකයන් වෙරළ ආසන්න ප්‍රදේශවලින් පලා යන අයුරු දැක්වෙන් වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබේ.

Post a Comment

0 Comments