පොහොර මගඩියක් අතේ මාට්ටු වී උණුසුම් තත්ත්වයක්..




වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ගල්ගමුව මහ නාන්නේරිය ජලාශයෙන් වී ගොවිතැන් සිදුකරන ගොවින් අද මහ නාන්නේරිය ගොවිජන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.

ඒ ඔවුන් පොහොර ලබා ගැනීමට ගෙවූ මුදලට වඩා අඩු ප්‍රමාණයක් පොහොර ලබාදීමට ගොවිජන සේවා නිලධාරීන් කටයුතු කිරීම හේතුවෙනි.

පොහොර කිලෝ 20ක් සදහා ඔවුන් මුදල් ගෙවුවද ඔවුනට කිලෝ 10ක් පමණක් ලබාදීමට නිලධාරීන් කටයුතු කරන බවත් එයට හේතුව විමසූ විට ඔවුන් කිසිවක් ප්‍රකාශ නොකර බවත් ගොවීන් සදහන් කළේය.

මේ පිළිබදව අදහස් දැක්වූ ගොවීන් චෝදනා කරන්නේ වී ගොවීන්ට ලබාදීමට එවා තිබූ පොහොර වට්ටක්කා ගොවීණ් සදහා හොර රහසේ වැඩ මිලට නිලධාරීන් අලෙවි කිරීම නිසා ඔවුනට මෙලෙස පොහොර අඩුවෙන් ලබාදීමට මෙම නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.

ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමුකොට මේ පිළිබදව පරීක්ෂණයක් පවත්වා ඔවුනට සාධාරණයක් ඉටුකරන මෙන් ඉල්ලා සිටියි.

මේ පිළිබදව මහ නාන්නේරිය ගොවිජන සේවා ප්‍රාදේශීය කාර්යාලයෙන් විමසීමේදී එහි සිටි නිලධාරියෙකු සදහන් කළේ පොහොර සම්බන්ධව කටයුතු කරන සංවර්ධන නිලධාරියා අද දින නිවාඩු බැවින් ඔවුනට කිසිවක් ප්‍රකාශ ක නොහැකි බවයි.

Post a Comment

0 Comments