ළමුන් රෝහල් ගතවීම ඉහළට

 


ඩෙංගු, කොවිඩ් සහ වෛරස් උණ රෝගයන් හේතුවෙන් රෝහල්ගත වන ළමුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වැඩිම ළමුන් සංඛ්‍යාවක් ඩෙංගු හේතුවෙන් රෝහල්ගත වන බව එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පැවසුවේය.

පවතින වෛරස් උණ රෝගය පිළිබඳව ද වැඩිහිටියන් අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


Post a Comment

0 Comments