මොරටුවේ බෝම්බයක්..




මොරටුව කටුබැද්ද ගෝමස් පෙදෙසේ ජීව අත්බෝම්බයක් අද (4) වැනිදා හමුවී තිබේ.

කටුබැද්ද ගෝමස් පෙදෙසේ මාර්ගයක අයිනේ ජීව අත්බෝම්බයක් වැටී තිබෙනු දැක ප්‍රදේශවාසීන් විසින් මොරටුමුල්ල පොලීසියට දැනුම් දී ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය කටයුතු කර තිබේ

මෙම ජීව අත්බෝම්බය පිළිබඳව මොරටුමුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Post a Comment

0 Comments