ළමා රෝහලේ සැත්කම්වලට සීමා

 


ඉන්දීය ආධාර යටතේ ලැබිය යුතු ඖෂධ නොලැබීයාමේ අවදානමක් මේ වන විට පැන නැගී ඇති බැවින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර හා සැත්කම් සීමා කිරීමට සිදුවනු ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කරයි.

මේ වන විට රෝහල තුළ අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක ඖෂධ 20ක පමණ හිඟයක් පවතින බැවින් මෙසේ සැත්කම් සහ ඇතැම් ප්‍රතිකාරයන් සීමා කිරීමට සිදුවනු ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

පරිත්‍යාගශිලීන්ගෙන් ලැබුණු ඖෂධ හා ශල්‍ය උපකරණ පරිත්‍යාගයන්වල පවා මේ වන විට අඩුවක් පවතින බැවින් ලබන සැප්තැම්බර් ඔක්තෝබර් වන විට රෝහල තුළ ඖෂධ හිඟය උග්‍රවීය හැකි බවද හෙතෙම පැවසීය.

දිගුකාලීන රෝගයන් වන වකුගඩු රෝග, දියවැඩියාව, ස්නායු රෝග ඇතුළු රෝග ගණනාවකට අවශ්‍ය ඖෂධ මෙසේ හිඟව පවතින බව වෛද්‍ය සේනාපති පැවසීය.

මේ අනුව රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරියේදී කිසිම දිනක අත් නොවිඳි ඖෂධ හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.

Post a Comment

0 Comments