මෙරට ඉන්ධන බෙදාහැරීම ආනයනය සහ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා චීනයේ විශාලතම සමාගමක් වන සිනොපෙක් සමාගම පැමිණීමට ඉඩ ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
මෙරට ඉන්ධන වෙලඳපොළ ඇතුළු වීමට ඉන්ධන නිපදවන රටවලට තවත් සමාගමට ඇතුළු වීමට අවසර දීම සදහා කැබිනට් මණ්ඩලය විසින් යෝජනාවක් අනුමත කර තිබේ.
උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
දැනට ශ්‍රී ලංකාවේ තෙල් සැපයුම් 90% රජය විසින්ද ඉතිරි 10% ඉන්දීය තෙල් සමාගමෙන්ද සිදුකරනු ලබයි.
මේ වන විට චීන සමාගම් විසින් හම්බන්තොට වරාය පරිශ්‍රයේ තෙල් ගබඩාවක්ද ඉදි කරමින් පවතී.
0 Comments