පොලිසිය තුළදීම ඝාතනයක්..
August 07, 2022
නවගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශය තුළදී පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයකු රෝහල් ගත කිරීමේ දී මියගිය බව නවගමුව පොලිසිය පවසනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිතුල්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජයන්ත පෙරේරා නැමැති 42 හැවිරිදි පුද්ගලයෙක් බවටයි වාර්තා වන්නේ.
පැමිණිලිකාර කාන්තාවට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා අද දින නවගමුව පොලිසියට කැඳවා සුළු පැමිණි පැමිණිලි අංශයේ සැරයන්වරයකු පැමිණිල්ල විභාග කරමින් සිටියදී එම කාන්තාව සමඟ පැමිණි ඇයගේ අනියම් ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය පවසනවා
සැකකාර පුද්ගලයා පිහියත් සමග අත්අඩංගුවට ගෙන ඇත.
0 Comments