පාසල් සිසුවාගේ ප්‍රහාරයෙන් බස් ධාවනය නවතී..




තිස්සමහාරාම බස් නැවතුම්පොළේ සිට ග්‍රාමීය ප්‍රදේශවලට ගමන් ආරම්භ කරන සියලු ලංගම බස් රථ ධාවනයෙන් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වෙයි.

කොන්දොස්තරවරයෙකුට පාසල් සිසුවෙකු විසින් ඊයේ (08) සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙලෙස ලංගම සේවකයන් වර්ජනයක් ආරම්භ කර ඇති බවට වාර්තා වෙයි.

පහරකෑමෙන් තුවාළ ලැබූ කොන්දොස්තරවරයා මේ වනවිට දෙබරවැව මූලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියි.

සිසුවාගේ ප්‍රහාරයෙන් ඔහුගේ ඉදිරිපස දත් දෙකක් කැඩී ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් කොන්දොස්තරවරයා තවමත් රෝහල්ගතව සිටියදී සිසුවා පොලිස් භාරයෙන් මුදාහැරීමට විරෝධය පළකරමින් මෙලෙස ලංගම සේවකයින් මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත.

පා පුවරුවේ සිටි අදාළ සිසුවාට බස් රථය තුළට ඇතුළුවන ලෙස පැවසීමත් සමඟ එම සිසුවා අදාළ කොන්දොස්තරවරයාට පහරදුන් බව සිද්ධිය වූ ස්ථානයේ සිටි පුද්ගලයින් පැවසිය.

Post a Comment

0 Comments