ගෙල වැළලාගත් එංගලන්ත ජාතිකයා..




ඇද ඇතිරිල්ලකින් ඇද විට්ටමේ වියල් වල එල්ලි ගෙල වැළලාගෙන මියගොස් සිටි එංගලන්ත ජාතිකයෙකුගේ මළ සිරුරක් ගාල්ල හීනටිගල ප්‍රදේශයේ විලා එකක තිබියදි ඊයේ (06) සොයාගත් බැව් හබරාදුව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 54 වියේ පසුවු එංගලන්ත ජාතිකයෙකි.

මොහු වසර 13 ක පමණ කාලයක සිට වරින්වර එංගලන්තයට ගොස් යලි මෙරටට පැමිණ මෙකි විලාඑක තුල පදිංචිව සිට ඇත. අවසන්වරට ඔහු මිට වසර 02කට පමණ ඉහතදි එංගලකන්තයට ගොස් මෙරටට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
විදේශිකයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇත. හබරාදුව පොලිසිය තවදුරටත් පරික්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments