ලේක්හවුස් ආයතනය හෝටලයක් බවට පත් කිරීමට හෝ විකුණා දැමීමට හෝ රජය කිසිදු තීරණයක් ගෙන නැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක පළ කර තිබූ පුවත බොරුවක් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ජාතියේ පත්තර මහගෙදර වන ලේක්හවුස් ආයතනය සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගැනීම තබා ඒ පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ ආණ්ඩුව කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නැති බව ඇමැති ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.
0 Comments