කිංස්ලි – ශෂි සභාපති ධූරවලට නැවත පත්කරයි
August 08, 2022
ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධූරවලට හිටපු සභාපතිවරු වන කිංස්ලි රණවක සහ ශෂි වෙල්ගම යන නැවත පත්කළ බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අරුණට පැවසීය.
ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ දැනුම්දීමට අනුව එම අමත්‍යංශය යටතේ පාලනය වන ආයතන පහේම සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෝ පසුගියදා ඉල්ලා අස්වූහ.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු සෙසු ආයතන තුනට අද (7) පස්වරුව දක්වා නව සභාපතිවරු පත්කර නොතිබුණි.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් යන මහත්වරු කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් ඉවත්කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කළේය.
0 Comments