හදිසි අවස්ථා නීති කිහිපයක් වෙනස් කරයි..
August 07, 2022
මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජූලි 18 වනදා නිකුත් කළ හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කර තිබේ.
ඒ අනුව, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365 ( අ ) සහ 365 ( ආ ) වගන්ති ඉවත් කර එම සංග්‍රහයේ 408 සහ 410යේ සිට 420 දක්වා වගන්ති හදිසි නීතිවලට අදාළව ඇතුළත් කර තිබේ.
එමෙන්ම මහාධිකරණයකදී වැරදිකරුවන් වූ විට නියම කරන දණ්ඩණ සම්බන්ධයෙන් පනවා තිබූ හදිසි නියෝග යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 ( අ ) සහ 365 ( ආ ) වගන්ති ඉවත් කර ඇත.
පසුගිය සිකුරාදාට අදාළව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් එම සංශෝධන සිදුකර ඇත.
0 Comments