පාන්ගෙඩියේ මිල වැඩිවෙයි බර අඩු වෙයි..
August 10, 2022
පාන් මිල වැඩි කළ පසු පාන් ගෙඩියේ බර හා රසය බෙහෙවින් අඩු වී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
සාමාන්‍යයෙන් පාන් ගෙඩියක් ග්‍රෑම් 450 ක බරකින් සමන්විත වුවත් බොහෝ පාන් ගෙඩිවල බර ග්‍රෑම් 300, 333, 350, 400, අතර මට්ටමක පවතින බවටද වාර්තා වෙයි.
ප්‍රධාන බේකරි වල නිෂ්පාදනය කරන පාන් ගෙඩියේ බර ග්‍රෑම් 450ක් වුවද කුඩා බේකරි වල නිෂ්පාදනය කරන පාන් වල බර අඩු මට්ටමක පවතින බව ද වාර්තා වේ.
මේ සම්බන්ධව කළ විමසීමකදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන කියා සිටියේ පාන් වල බර අඩු මට්ටමක තිබේ නම් එය ඉතා අසාධාරණ බවත් රුපියල් 190ක්, 200 ක්, වැනි මිලකට ග්‍රෑම් 450 කට වඩා අඩු බර පාන් අලෙවි කිරීම මහජනයා සූරා කෑමක් බවත් මේ නිසා රජය මැදිහත්වී අඩු බර පාන් වැටලීමට වහා පියවර ගන්නා ලෙසද සංගමය වගකිව යුතු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසිය.
මේ වන විට මිළ වැඩි කිරීමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල අලෙවිය ද 50% කින් පමණ පහළ බැස ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
0 Comments