ජපාන අගමැතිගෙන් ජනපති රනිල්ට සුබපැතුම්..




ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වයක් අපේක්ෂා කරන බව ජපාන අගමැති ෆූමියෝ කිෂිඩා පවසා තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මගින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉක්මන් ප්‍රගතියක් ලැබෙනු ඇති බවය.

නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් ප්‍රතිපත්තියක් සඳහා සහයෝගීතාව අපේක්ෂා කරන බවද ජපාන අගමැතිවරයා පෙන්වාදී තිබේ.

Post a Comment

0 Comments