ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා පිල තෝරන්න පාට හතරක තරගයක්..




එළැඹෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අරමුණින් පැවැත්වෙන සිව්කොන් ආරාධිත ක්‍රිකට් තරගාවලිය ලබන 08 වැනිදා සිට ආරම්භ වේ.

රතු, කොළ, නිල් සහ අළු වශයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම තරගයක්ම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

රතු කණ්ඩායමේ නායකයා ලෙසින් කුසල් මෙන්ඩිස්, කොළ කණ්ඩායමේ නායකයා ලෙසින් දසුන් ශානක, නිල් කණ්ඩායමේ නායකයා ලෙසින් චරිත් අසලංක සහ අළු කණ්ඩායමේ නායකයා වශයෙන් අශාන් ප්‍රියංජන කටයුතු කරනු ලබයි.

මෙම තරගාවලිය ප්‍රේක්ෂක සහභාගිත්වයකින් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබෙන අතර ටිකට් මිලදී ගැනීමකින් තොරව ප්‍රේක්ෂකයින්ට තරග නැරඹීමේ අවස්ථාව හිමි වී තිබේ. තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments