මිරිස් මිල ඉහළට..
August 09, 2022
නයි මිරිස් සහ අමු මිරිස් මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් තිබේ.
වෙළෙදුන් පවසන්නේ නයි මිරිස් කිලෝවක් රුපියල් 2400ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
අමු මිරිස් කිලෝවක් රුපියල් 1200ක් වේ.
මිරිස් මිල ඉහළ යාමත් සමග මිරිස් වගාකරුවන්ගේ ආර්ථිකය යහපත් වී ඇති බව ඔවුන් සදහන් කරයි.
පාරිභෝගිකයින් සදහන් කරන්නේ මිරිස් මිල ඉහළ යාමත් සමග මිරිස් වගාකරුවන් ලපටි මිරිස් ද වෙළෙදපළට රැගෙන එන බවයි.
එම මිරිස්වල සැර ගතියක් නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරයි.
0 Comments