මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද..
August 11, 2022
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (11) දින පස්වරු 07 පසුව විනාඩි 35 ට එලඹෙන සුබ නැකතින් වයඹ දිසාමුඛව ආරම්භ වේ.
සිව් මහා දේවාල පෙරහරද කැටුව ශ්‍රී දළදා මාලිගාව අසලින් ආරම්භ වන ඇසළ පෙරහර වැව පාර, දළඳා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් මාලිගාවට විත් ගෙවැදීමට නියමිතව තිබේ.
අවසන් මහා ඇසළ පෙරහර පූර්ණ වශයෙන් මහනුවර නගරය ආවරණය වනසේ වීදි සංචාරය කරන අතර ශ්‍රී දළඳා මාලිගාවේ පෙරහරට මෙන්ම නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි සිව් මහා දේවාල පෙරහරට ද විශේෂ සංස්කෘතික හා කලා අංග එක් කොට ඇති බවත් අලි, ඇතුන් සංඛ්‍යාව වැඩි කොට ඇති බවත් පෙරහර සංවිධායක මණ්ඩලය පවසයි.
ඊට අමතරව මහ පෙරහරේදී කරඬුව වැඩම කරවන්නේ පයට පාවඩ හා උඩට උඩු වියන් සහිතවය. 12 වැනිදා දියකැපුම් හා දවල් පෙරහරින් මෙවර සෙංකඩගලපුර පෙරහර මංගල්‍ය අවසන් වීමට නියමිතය.
0 Comments