සිටානෝ බද්දට ගත්ත රජයේ ඉඩම සින්න කරගෙන..




නුවරඑලිය කදපොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් අනවසරෙන් අත්පත් කරගෙන ඇති අක්කර 14 ක ඉඩම ගම්වාසින්ට බෙදා දෙන ලෙස බලකරමින් මිපිලිමාන ප්‍රදේශවාසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලයි.

නුවරඑලිය කදපොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මිපිලිමාන මාගොඩ ඩික්සන් වත්තේ පිහිටි රජයේ අක්කර 14ක ඉඩමක් අනවසරයෙන් අතපත් කරගෙන සිටිම සම්බන්ධයෙන් විරෝධය පාමින් නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශවාසින් පිරිසක් (08) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුලට පිවිස එමඉඩම ගම්වාසින්ට බෙදා දෙන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගෙන් ඉල්ලිම් කරහ

නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් බව පැවසෙන මෙම ඉඩම එම ව්‍යාපාරිකයාට මිට සිව්වසරකට ප්‍රථම එලවළු වගාව සදහා කෙටි කාලින බදු පදනම මත නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ගිවිසුමක් මත තාවකාලිකව ලබා දී ඇත.
‍ගම්වාසින් කියා සිටියේ එම ගිවිසුම් කාලය අවසන් වුවද එම ව්‍යාපාරිකයා විසින් ඉඩම තුල ස්ථිර ගොඩනැගිල්ලක්ද ඉදි කර තවදුරටත් එම ඉඩම තුල වගාවන් සිදු කරන බවයි

නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශයේ ඉඩම් නොමැති විශාල පිරිසක් සිටින බවත්, එම පදිංචිකරුවන් බදු පදනම මත ලබාගත් කුඩා ඉඩම් කැබලිවල ජිවන උපාය ලෙස එලවළු වගාව සිදු කරන බවත් පිරිස කියා සිටිති. ඒම නිසා ඔවූන් මෙම ඉඩම මිපිලිමාන ප්‍රදේශයේ තරුණ ගොවි සංවිධාන වෙත කෙටිකාලින පදනම මත ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිහ. මෙහිදි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ප්‍රදේශවාසින් හමුවේ කියා සිටියේ සිව් වසරක බදු පදනම මත එම පුද්ගලයාට ඉඩම ලබා දි ඇති බවත්, ඔහුට තවත් රජයේ ඉඩම් කැබලි කිහිපයක් බදු පදනම මත ලබාදි තිබුණද එම ඉඩම් සදහා රජයට අයවිය යුතු බදු මුදල් මෙතෙක් ගෙවා නොමැති
බවත්ය.

ව්‍යාපාරිකයෙකුට රජයේ ඉඩම් කිසිසෙත් ලබාදිය නොහැකි බවත්, ඒ අනුව එම ඉඩම යලිත් රජයට අත්පත් කර ගැනිමට මැදිහත් වන ලෙසට නුවරඑලිය ප්‍රාදේශිය ලේකම්වරයාට සහ ඉඩම් කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දිමට පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රදේශවාසින් හමුවේ කියා සිටිහ.

Post a Comment

0 Comments