තහනම් කස මෝරු තොගයක් සමග ධීවරයන් පිරිසක් අත්අඩංගුවට…

 


බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් මත්ස්‍ය අස්වැන්න රැගෙන ආ බහුදින යාත්‍රාවක මැරීමට තහනම් කස මෝරු තොගයක් තිබෙන බවට බේරුවල වෙරළ ආරක්ෂක බලකා නිලධාරීන්ට ලද තොරතුරක් ඔස්සේ එම යාත්‍රාව (10) බේරුවල ධීවර වරායේ දී පරීක්ෂාවට ලක්කර එම තහනම් කස මෝරු කිලෝ 221 ක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන බේරුවල ධීවර පරික්ෂක කාර්යාලයට බාර දුන් බව වෙරළ ආරක්ෂක නිලධාරීන් කීහ .

චූටි කුමාරි 3නම්වු එම බහුදින යාත්‍රාවඉකුත් ජුනි මස 21 බේරුවල වරාය තුළින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් නැවත මේ මස (6) දින බේරුවල වරායට පැමිණ නැංගුරම් ලා තබාමසුන් බෑ මේ කටයුතු සිදුකර අතරතුර එම බහුදින යාත්‍රාව වෙරළ ආරක්ෂක නිලධාරීන් දැඩි සෝදිසියට ලක් කර මෙම කස මෝරුන්ගේ සිරුරු කොටස් සමග එම යාත්‍රාවේ ගමන්ගත් ධීවරයන් හයදෙනා එම නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

පසුව එම ධීවරයින් සමග කස මෝරු මත්ස්‍ය කොටස් බේරුවල ධීවර පරික්ෂක කාර්යාලයට භාරදුන් බවත් ඉදිරි නීතිමය කටයුතු ධීවර පරීක්ෂක නිලධාරී කාර්යාලය මගින් සිදු කැරුණබවත් එම කාර්යාල ප්‍රකාශකයකු පැවසීය.

Post a Comment

0 Comments