බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට..




වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් තමන්ට එම ආහාර මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි පාරිභෝගික ජනතාව පවසයි.

සත්ත්ව ආහාර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බව බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයින් සඳහහන් කරයි.

පවතින ආර්ථික අර්බුදය ඇතුළු කරුණු රැසක් හේතුවෙන් සත්ත්ව ආහාර මිල දිනෙන් දින ඉහළ යෑමේ තත්ත්වයක් දක්නට ඇති අතර, එම පසුබිම මත සත්ත්ව ගොවිපලවල් පවත්වාගෙන යෑම දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි බිත්තර නිෂ්පාදකයින් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් කර්මාන්තයෙන් ඉවත් වීමට සිදුවු ඇති බවයි.

Post a Comment

0 Comments