අරගල කරුවන් වෙනුවෙන් වෙනම ස්ථානයක් ලබා දීමට තමන් දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අසල පාවෙන වෙළඳ සැල් පරිශ්‍රය අරගල කරුවන් වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර ඇති බවත ඔහු පැවසීය.
අවශ්‍ය නම් එයට ‘රනිල් ගෝ ගම’ ලෙස නම් තබා ගන්නා ලෙස ද තමන් අරගල කරුවන් සමග පැවති සාකච්ඡාවේදී දැන් වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සමගි ජන බලවේගය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේ දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
0 Comments