සීනි පරිප්පු අල ලූණු මිල පහළට

 


පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ.

පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් පැවසුවේ එම මිල ගණන් ගැන පැවසුවේ මෙලෙසිනි,

රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල රුපියල් 410යි

රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270 යි

රුපියල් 215 ක් ව පැවති අර්තාපල් තොග මිල රුපියල් 150 යි

රුපියල් 600ක් ව පැවැති සුදු ලුණු තොග මිල රුපියල් 420 යි

රුපියල් 180ක් ව පැවති රට ලුණු තොග මිල රුපියල් 130 යි

රුපියල් 1900ක් ව පැවැති මිරිස් කිලෝව රුපියල් 1300 යි

ඔහු පැවසුවේ ඩොලරයක මිල ස්ථාවර වීම සහ බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමට හේතු වී ඇති බවයි.

Post a Comment

0 Comments