කෝවිඩ් වසංගත තත්ත්වයත් සමග ඇනහිට තිබූ ත්‍රිකුණාමලය – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අද (07) සිට නැවත ගමන් ආරම්භ කිරීමට නියමිතය.
කෝවිඩ් වසංගත තත්ත්වයත් සමග ත්‍රිකුණාමලය – කොළඹ දුම්රිය ගල්ඔයට පමණක් සීමාවුණි.එම නිසා ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන මගීන්ට මඩකලපුවේ සිට පැමිණෙන රාත්‍රි තැපැල් දුම්රියට මාරුවීමට සිදුවිය.
මගීන්ගේ දැඩි ඉල්ලීම පරිදි නැවතත් එම දුම්රිය ධාවනය කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
එම නව දුම්රිය මැදිරි 11කින් සමන්විත අතර වායු සමීකරණය කළ මැදිරි දෙකක්, 2වන පන්තිය සහ පළමු පන්තිය වශයෙන් මගීන්ගේ පහසුව සඳහා යොදවා තිබේ.
මීට අමතරව තුන්වැනි පන්තියේ ආසන ද වෙන්කර ගැනීමේ හැකියාව පවතී.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පැරණිතම දුම්රිය සේවයක් වන ත්‍රීකුණාමලය – කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය ත්‍රීකුණාමලය ජනතාවගේ පහසුම හා ජනප්‍රියතම ගමන් සේවයයි.


0 Comments