මෙරට ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගන්නැයි කිසිවකු පවසන්නේ නම් ඔවුන් වසලයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
1978 සිට මේ දක්වා වූ කාලයේ මෙරට ආර්ථිකය දෙස හැරී බැලීමේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට කළ විනාශය පැහැදිලි බව ද හෙතෙම සඳහන් කළේය.
එම අරමුදල ණය ලබාදීම සඳහා තවදුරටත් මෙරටට කොන්දේසි දැමීම තුළින් මෙරට විනාශය තවදුරටත් පළල් වී ඉදිරි යන බවද ඒ මහතා පැවසීය.
එනිසා එම අරමුදලෙන් ණය ලබාගැනීම සඳහා තම පක්ෂය කිසිදු සහයක් ලබා නොදෙන බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
0 Comments