ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සතු බස් රථ සියයක් පමණ මිලදීගෙන පාසල් ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, ඒ අනුව ලබන පහළොස් වැනිදා සිට මෙම බස් රථ පාසල් සේවා සඳහා යෙදවීමට සැලසුම් කර තිබේ.
වසර කිහිපයකට පෙර මෙරටට ගෙන්වා ඇති එම බස් රථ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති ප්‍රවාහන සමාගමක් නමින් මිලදී ගැනීමට නියමිතය.
මෙම බස් රථ රුපියල් ලක්ෂ හැටක පමණ මිලකට ලබා දීමට අදාළ සමාගම එකඟතාව පලකර තිබෙන අතර, ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් ඒවා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. දීර්ඝ කාලයක් එක තැන නවතා තැබීමෙන් එන්ජින්වල දෝෂ පැවතීම ඇතුළු හේතු කිහිපයක් මත එම මණ්ඩලය මෙම බස් රථ මිලදීගැනීමට එකග වී නැත.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති ප්‍රවාහන සමාගමක් විසින් මෙම බස් රථ මිලදීගැනීමට එකඟතාව පලකර ඇති අතර එම බස් රථ ප්‍රවාහන අමාත්‍යාංශයේ නියාමනය යටතේ පාසල් ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට යෝජිතය.
සිසුසැරිය බස් රථ සේවාවට මෙම නව පාසල් සේවාව අදාළ නොවන අතර සාමාන්‍ය ගාස්තු යටතේ මෙම සේවාව ක්‍රියාත්මක වේ.

0 Comments