මාසයකට පෙර සිටම දුම්රිය ආසන ලක්ෂයක් විනාඩි 10න් බුක්...

 



මාසයකට පෙර සිටම සිදුකර ගතයුතුව ඇති දුම්රිය ආසන වෙන්කර ගැනීම් වෙනුවෙන් ලක්ෂයක පමණ පිරිසක් දෛනිකව උත්සාහ දරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි (වාණිජ) වජිර සමන් පොල්වත්තගේ පැවසීය.

නියමිත දිනට දින 14 කට පෙර ආසන වෙන්කර ගත හැකි පරිදි මාර්ගගත ක්‍රමයෙන් ආසන වෙන්කර ගැනීම සිදුවූ නමුත් පවතින දැඩි ඉල්ලුම නිසා එය දින 30 කට පෙර සිදුකළ හැකි ආකාරයට වෙනස් කළ බවද හෙතෙම කීවේය.

මේ අනුව සෑම දිනකම පෙරවරු 10 ට අන්තර්ජාලය ඔස්සේ ආසන වෙන්කර ගැනීමේ හැකියාව පවතින නමුත් උදෑසන 10.10 වනවිට ආසන වෙන් වී අවසන් වන බවත් මේ නිසා දුම්රියේ ආසන වෙන්කර ගැනීම මාසයකට පෙර සිදුකරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් හෙතෙම කීවේය.

මාර්ග ගත ක්‍රමයට සියයට හැටකුත් දුම්රිය ස්ථාන කවුන්ටර් මගින් සියයට හතළිහකුත් වශයෙන් වෙන්කර ගත හැකි ආකාරයට දුම්රිය ආසන වෙන්කර ගැනීම සිදුකර ගත හැක.

දුම්රිය ප්‍රමාණය වැඩි කිරීම යෝග්‍යම ක්‍රියාමාර්ගය වුවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු ඊට හරස් වී තිබෙන බවත් ඒ පුරප්පාඩුවලට සමගාමීව යටිතල පහසුකම් ද සංවර්ධනය විය යුතු බවත් ඒ වෙනුවෙන් දෙවසරක වැඩපිළිවෙළක් දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙන බවත් ඔහු කීවේය.

Post a Comment

0 Comments