පානදුර දුම්රිය ස්ථානයේ සේවකයින්ට පහර දීමක් සම්බන්ධයෙන් හමුදා සැරයන් වරයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
119 ඔස්සේ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහල තල්දූව, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
ඔහු දියතලාව ප්‍රදේශයේ හමුදා කදවුරක රාජකාරි නියුතු අයෙකු බවට හදුනාගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් සමගද උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවත් සදහන් වේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර දකුණ පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

0 Comments