කැලණියේ පාසල් 12ක සිසුන්ට කෑම අඩුවක්....

 



කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දොළහක දරු දැරියන්ගේ පවුල් දරිද්‍රතාවෙන් පෙළෙන බව ඊයේ (22) අනාවරණය විය.

එම දරුවන්ට සතියකට දින දෙකක් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට කිරිබත්ගොඩ එක්සත් වෙළෙඳ සංගමය ඇතුළු ව්‍යාපාරිකයන් ඉදිරිපත් වී ඇත. ගම් සවියෙන් සිසු දිවිය නම්වූ මෙම වැඩසටහන මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පැවැත්වුණේ කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහගේ ප්‍රධානත්වයෙනි. කැලණිය ග්‍රාම සංවර්ධන බල මණ්ඩලය, කිරිබත්ගොඩ, කැලණිය, හුණුපිටිය වෙළෙඳ සංගම්ද මෙම ව්‍යාපෘතියට දායකත්වය ලබාදී තිබුණි.

දරුවන් මන්දපෝෂණයෙන් බේරාගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සජීචි ලියනගේ මෙහිදී කියා සිටියාය.

Post a Comment

0 Comments