පාන් ගෙඩිය 190ට දෙයි..






නියමිත බරට අඩුවෙන් පාන් ගෙඩියක් රුපියල් 190ක මිලකට අලෙවි කිරීමට ඇතැම් බේකරි හිමියන් පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේ, ඇතැම් බේකරි හිමියන් පාන් ගෙඩියක බර ග්‍රෑම් 300 හෝ 350ක ප්‍රමාණයකට අඩුකර එම මිලට අලෙවි කරන බවය.

මේ අතර වැට් බදු, විදුලි බිල හා ජල ජල ගාස්තු ඉහළ යාමට සමගාමීව ඉදිරියේ කුකුළු මස් මිළ ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ ය.

Post a Comment

0 Comments