පාන් ගෙඩියක් 350ක් වෙන ලකුණු...

 


පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 450 දක්වා ඉහළ ගියහොත් ග්‍රෑම් 450 හේ පාන් ගෙඩියක මිල රුපියල් 350 දක්වා ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන් පවසයි.

මෙම තත්වය වළක්වා ගැනීම සඳහා රජය කඩිනම් පියවර නොගන්නේ නම් තමන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවට පත්වන බව ඔවුන් පෙන්වා දෙයි.

පාන් පිටි මිල ඉහළ යාම හමුවේ මේ වනවිට දිවයින පුරා විවිධ මිල ගණන් යටතේ පාන් අලෙවි වෙමෙන් පවතී.

කෙසේ වෙතත් පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ මෙම තත්වය හමුවේ පාන් පරිභෝජනයෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවය.

Post a Comment

0 Comments