රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් කහ පරව් මත්ස්‍යයන් තොගයක් මීගමුව සෙත්තප්පාඩුව මුහුදු තීරයේ පුංචි වැල්ල ප්‍රදේශයේදී හසුවී තිබේ.
ඊයේ (24) පස්වරුවේ එම කහ පරව් තොගය එම ප්‍රදේශයේ ධීවරයින්ගේ මා දැලකට හසු ව ඇත.
ඒ අවස්ථාවේදීම ධීවරයින් විසින් මෙම මත්ස්‍ය තොගය අලෙවි කිරීමට කටයුතු කර තිබෙන අතර එලෙස අලෙවි කළ කහ පරව් තොගයේ වටිනාකම රුපියල් කෝටි 3කට අධික බව වාර්තා විය.
ධීවරයින් පවසන්නේ මෙතරම් විශාල කහ පරව් තොගයක් මෙම ප්‍රදේශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය බවය.

0 Comments