දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සමන්තා පවර් අද (10) පෙරවරුවේ ජා ඇල, ඒකල ප්‍රදේශයේ ගොවි ජනතාව මුණ ගැසී සාකච්ඡා පැවැත්විය.
එහිදී ඔවුන්ගේ ගැටලු විමසා බැලූ ඇය ප්‍රමුඛ සිව්දෙනෙකුගෙන් සමන්විත අමෙරිකානු දූත පිරිස පොහොර ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40 ක මුදලක් ලබාදෙන බවට ප්‍රකාශ කර ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් ගොවි ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටලු සහ ඒ සඳහා අමෙරිකාවේ සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම අමෙරිකානු නියෝජිතවරියගේ මෙම සංචාරයේ එක් අරමුණක් වී තිබුණි.


0 Comments