දිස්ත්‍රික්ක 5ක භයානක රෝගයක් ව්‍යාප්ත වෙයි...

 



ගතවු මාසය තුළදී මී උණ රෝගින් තුන්සිය අසු හතරදෙනෙකු වාර්තා වි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළදි මී උණ රෝගින් තුන්දහදස් පන්සිය තිස් නවයක් වාර්තා වී තිබේ.

මින් වැඩිම මී උණ රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව හයසිය අනු නවයකි.

කැගල්ල, ගාල්ල, කළුතර, මොනරාගල හා කොළඹ දිස්ත්‍රික්කවලින්ද මී උණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.

විශේෂයෙන් වගා කටයුතුවල නියලෙන පුද්ගලයින් මේ පිළිබඳව සැලකිලිමත්ව සිටින ලෙසත් වර්ෂාවත් සමග මී උණ රෝගය ව්‍යාප්ත විය හැකි නිසා ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනාතවගෙන් ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments